රත්ගම දෙදෙනෙක් ඉස්සූ රවීගේ ඒකකය නීති විරෝධී එකක්..පොලිසිය පොලිස් ලොක්කාට එරෙහිවම වැඩ අරඹයි

රත්ගම බූස්ස රත්න උදාගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු නිල නොවන ආකාරයට අත්අඩංගුවට ගෙන අතුරුදන් කළේ යැයි චෝදනා සිටින ඒකකය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධාන රාජකාරිය පොලිස් පරිපාලනය සිදු කිරීම බවද විශේෂ විමර්ශන ඒකකයක් පවත්වාගෙන යාම කුමන හේතුවක් මත සිදු කළේද යන්න සොයා බලන බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

තවද විනය විරෝධී ක්‍රියාවක් මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා විසින් වැඩ තහනමට ලක් කරනු ලැබ ඇති අතර ඔවුන් සුලු කාලයක් තුළදී යළි සේවයේ පිහිටුවා එම ඒකකයටම අනුයුක්ත කිරීමට ද රවී විජේගුණවර්ධන කටයුතු කර තිබූ බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසෙනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *