ඊළඟ පාර IPL එකේදී රෝයල් චැලෙන්ජර්ස්ලට වෙන දේ?

2013 වසරේ සිට විරාත් කෝලිගේ නායකත්වය යටතේ ප්‍රධාන ජයග්‍රහණ කිසිවක් දිනාගෙන නොතිබුනත් රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමේ නායකයා පිලිබඳ තවමත් බලාපොරොත්තු තබාගත හැකි බවට එම කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයෙක් වන මයික් හෙසන් සඳහන් කරනවා.

මීළඟ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායමේ පරිපාලන කටයුතු සඳහා මනා සොයබලිමක්ද සිදුවිය යුතු බවට ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

අලුතින් තේරී පත්වූ අධ්‍යක්ෂක මයික් පවසා සිටියේ සිය කණ්ඩායමේ සහාය සඳහා නවතම කාර්යමණ්ඩලයක් පත්කර සිටින බවයි. කෙසේ නමුත් විරාත් කෝලිගේ නායකත්වය ඉදිරියටත් කණ්ඩායමට ලැබෙන බව ඔහු සඳහන් කලා.

නමුත් ඔහු මීට පෙර සිදුකල වැරදි අඩුපාඩු සාදාගෙන වඩාත් හොඳින් ක්‍රීඩා කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි මයික් වැඩිදුරටත් සඳහන් කලේ.