ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු IPL ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක කාන්තා ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද තමන්ට අවසර ලබාදුන් බවයි ඇය පවසන්නේ.
කණ්ඩායම් 03ක් එම තරගාවලිය සඳහා තරග වදිනු ඇති.
මෙම තරගාවලිය පැවැත්වෙන්නේ IPL පිරිමි තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන කාල සීමාවේදීයි. මැයි මස 02 වැනිදා සිට 13 වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වෙනු ඇති.