මාලිංග IPL තරඟාවලියට අවශ්‍යම ක්‍රීඩකයෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා ලසිත් මාලිංග ඉන්දියර් ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වෙනවද නැද්ද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබුණා.

ඇතැම් සමාජ මාධ්‍යවල විවිධ තොරතුරු පළවී තිබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව කිසිවක් දන්වා සිටියේ නැහැ.

නමුත් මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියේ ලසිත් මාලිංගට IPL තරඟාවලියට සහභාගී වීම සඳහා අවසර ලබාදෙන බවයි.

මේ අනුව ලසිත් මාලිංගට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර් පළාත් තරඟාවලියට සහභාගී වීම අතවශ්‍ය නොවන බවත් ඔහු IPL තරඟාවලියට අවශ්‍යම ක්‍රීඩකයෙක් බැවින් එම තීරණය ගත් බවත් එම නිවේදනයේ සඳහන්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *