ඉරානය විසින් බිම හෙලූ යානයේ කළු පෙට්ටියට කරන්න හදන දේ

පසුගිය 8 වැනිදා ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරය නිසා මගීන් 176දෙනකු ජීවිතක්ෂයට පත් කරමින් කඩාවැටුණු යුක්‍රේනයට අයත් ගුවන් යානයේ කළු පෙට්ටිය, යුක්‍රේනයට වෙත භාරදෙන බව ඉරාන බලධාරීන් නිවේදනය කර තිබෙනවා.

ගුවන් අනතුර පිළිබඳව එහි සටහන් වී ඇති දත්ත විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රංශය, කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් විශේෂඥයන් යොදාගැනීමට ඉරාන බලධාරීන් සූදානමින් සිටින බව ඉරානයේ ටස්නිම් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

නමුත් කළු පෙට්ටිය යුක්‍රේනයට යවන්නේ කෙදිනක දැයි එම වාර්තාවේ සඳහන් නොවන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉරාන බලධාරීන්ට අවශ්‍ය වී ඇත්තේ, කළු පෙට්ටියේ අන්තර්ගත තොරතුරු ඒ සම්බන්ධ විශේෂඥයන් මඟින් නිවැරදිව කියවා ගැනීම බව එරට සිවිල් ගුවන් සේවා සංවිධානයේ අනතුරු පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ හසාන් රෙසයිෆාර් පවසනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.