ඉරාකයේ මොසුල්හි පිහිටි ටයිග්‍රිස් නදියේ ගමන්ගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් දියේ ගිලීමෙන් මගීන් සියයක් පමණ මියගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
නියමිත මගීන් සංඛ්‍යාවට වඩා අධික මගීන් ප්‍රමාණයක් රැගෙන යාම හේතුවෙන් මෙම යාත්‍රාව ගිලා බැස ඇතැයි වාර්තා වනවා.
අනතරට ලක් වූ මගී ප්‍රවාහන යාත්‍රාවේ ගමන්ගත් මගීන් බොහෝදෙනෙකු කාන්තාවන් සහ කුඩා ළමුන් බව මොසුල්හි මහජන ආරක්ෂක අධිකාරිය පවසනවා.
මගීන් බේරාගැනීමේ මෙහෙයුම් ක්රියාත්මකවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.