ISIS ධජය යටතේ ‘තවුහීද් ජමාද් නමින්’ පාසලකට ලිපියක්

ISIS සංවිධානයට අයත් ධජයද ඇතුළත් ජාතික තවුහීද් ජමාද් සංවිධානය නමින් ලිපියක් චුණ්ඩික්කුලි බාළිකා විදුහලේ විදුහල්පතිනි රුසිධරන් දුෂ්‍යන්ති මහත්මියගේ නිවසට එවා ඇති බව යාපනය පොලීසිය පවසනවා.

එම විදුහලේ බෝම්බ තබන බව ලිපියේ සඳහන් වන බවයි විදුහල්පතිනිය පොලිසියට දන්වා ඇත්තේ.

මෙම තර්ජනාත්මක ලිපිය ලැබී ඇති අවස්ථාවේම විදුහල්පතිනිය විසින් ඒ බව පොලීසියට දැනුම් දී තිබෙනවා.

අදාළ ලිපියේ අයි.එස්.අයි.එස්. ධජයට අමතරව තරුණයෙකුගේ ඡායාරූපයක්ද දක්නට ලැබෙන අතර එම තරුණයා කව්රුන්දැයි යන්න මෙතෙක් හෙළි වී නොමැති බව යාපනය පොලීසිය පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *