සිරියාවට මිසයිල ප්‍රහාර – හතක් මරුට

සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ඊශ්‍රායලයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් සිරියානු සොල්දාදුවන් තිදෙනකු සහ ඉරාන විශේෂ විප්ලව බළකායේ සිව්දෙනෙකු මරුමුවට පත්ව තිබෙනවා.

ඩැමැස්කම් ගුවන් තොටුපොළට මෙම ප්‍රහාර එල්ල වූ බවත් මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කරනවා.

ප්‍රහාරවලින් මියගොස් ඇත්තේ සිරියානු සොල්දාදුවන් සහ ඉරානයේ විශේෂ විප්ලව බළකායේ සාමාජිකයන් යැයි ද එම සංවිධානය තවදුරටත් සඳහන් කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *