රට වහලා සති දෙකයි. තව සතියක් විතර අපි බලමු – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ජූනි මස 14 වන දින තෙක් වාර්තා වන කොවිඩ් දත්ත මත පදනම් ව ඉදිරියේ දී රට තුළ සංචරණ සීමා තවදුරටත් පවත්වන්නේ ද යන තීරණය රජය විසින් ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා.

ඒ අද (09) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය එම අදහස් පළ කළා.

කෙසේවෙතත් පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට කොවිඩ් ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් හා කොවිඩ් මරණවල සියයට 28ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරිය,

“ලොක්ඩවුන් කරාට ඊට කලින් කාලයේ දී විෂබීජ ඇතුළු වී ඇත්නම් දින 14ක කාලයක් පුරා එය බෝවීමට හැකියාව තිබෙනවා. ඒ රෝගීන් තමයි දැන් වාර්තාවෙන්නේ. තාම රට වහලා සති දෙකයි. තව සතියකින් විතර අපි බලමු තව ටිකක්.“

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *