“වත්මන් නායකත්වය විශ්වාස කර නව ව්‍යවස්ථා ගෙන ඒම සුදුසු නෑ ” – ආණ්ඩුව වෙනුවෙන් උරදුන් ඇල්ලේ හිමියන් කණගාටුවෙන්

වත්මන් නායකත්වය විශ්වාස කර නව ව්‍යවස්ථා ගෙන ඒම සුදුසු නොවන බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා

මාධ්‍ය ආයතනයක් සමග අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

“රටේ අනාගත නායකයා කවුරු වේවිද නොදැන පවතින නායකත්වයට ගැලැපෙන ලෙස නව ව්‍යවස්ථා ගෙන ඒම සුදුසු ක්‍රියාවක් නොවෙයි.සිදුවිය යුත්තේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සකස්කිරීමයි. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපිට එකඟ වෙන්න බැහැ. මේවගේ පැලැස්තර වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ නව නව ව්‍යවස්ථාක්” බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එසේම ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව තමන්වහන්සේ බෙහෙවින් කණගාටුවක සිටින බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *