පාසල් දරුවයි දැරියයි ගඟට පැන්නේ දෙමාපියන්ගේ ඇස් ඉදිරිපිටයි – අද උදේම පාසල් ප්‍රේමය කඳුළින් නිමවුණේ මෙලෙසයි

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් අද (07) අලුයම 5.45 ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවා හා සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් මත මෙසේ සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.

මෙසේ මරණයට පත්වූයේ පොල්ගොල්ල නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි ශාමලී හර්ශනි රත්නායක නැමැති 15 හැවිරිදි සිසුවියක හා පල්ලේතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිට් අකිල විජේරත්න නැමැති 16 හැවිරිදි සිසුවෙක්.

මොවුන් ප්‍රදේශයේ පාසල් දෙකක 10 වන ශ්‍රේණියේ සහ 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ බව සඳහන්.

මෙම සිසුවිය සහ සිසුවා කලෙක සිට ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන සිට ඇති බව තොරතුරු සඳහන් වනවා.

මෙසේ මරණයට පත් සිසුවිය හා සිසුවා ඊයේ (06) දිනයේ සිට අතුරුදන්ව සිට ඇති අතර ඔවුනගේ දෙමාපියන් එම දිනය පුරා ඔවුන්ව සොයා අද (07) අලුයම් කාලයේ කටුගස්තොට පොලිසියට පැමිණිලි කොට ඇති අතර එම අවස්ථාවේ ඔවුනට දැනගැනීමට හැකිව ඇත්තේ මෙම දරුවන් දෙදෙනා නවයාලතැන්න දුම්රිය පාලම මත සිටින බවයි.

දරුවන්ගේ දෙමාපියන් වහා එම ස්ථානයට ගොස් දුම්රිය පාලම මැද සිටි දරුවන් හට කතා කරන අවස්ථාවේ ඔවුන් දෙදෙනා එකිනෙකා වැළඳගෙන මහවැලි ගඟට පැන්න බව එම දෙමව්පියන් පවසා තිබෙනවා.

දෙමව්පියන්ගේ කෑගැසීම අසා එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් විසින් ඊට මද වේලාවකට පසු සිසුවිය ගිය හා සිසුවාගේ සිරුරු ගොඩගෙන ඇතත් ඒ වන විට ද ඔවුන් මරණයට පත්ව සිටි බවයි කටුගස්තොට පොලිසිය සඳහන් කළේ.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *