පාස්කු ප්‍රහාරය ගැන කතෝලික පල්ලිය දැනුවත්ව සිටි බවට සැක – ප්‍රධාන පාස්කු දේව මෙහෙය පවත්වලත් නෑ !

2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර තිබූ පෙර අනතුරු ඇඟවීම් සම්බන්ධව කතෝලික පල්ලියද දැනුම්වත්වී තිබීමට වැඩි සම්භාවිතාවක් ඇති බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (16දා) පස්වරුවේ සඳහන් කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා එසේ සඳහන් කළා.

සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ප්‍රධාන පාස්කු දේව මෙහෙය අගරදගුරුතුමන් විසින් පවත්වනු ලබන නමුත් අප්‍රේල් 21 වැනිදා එවැනි ප්‍රධාන දේව මෙහෙයක් නොපැවැත්වූ බව ඔහු එහිදී කියා සිටියා.

“සාමාන්‍යයෙන් ප්‍රධාන පාස්කු දේව මෙහෙය අගරදගුරුතුමන් විසින් පවත්වනු ලබන නමුත් පසුගිය වසරේ පාස්කු ඉරුදින එවැන්නක් පැවැත්වුණේ නෑ. නමුත් මට පසුව දැනගන්න ලැබුණා අප්‍රේල් 20 වැනි දින එනම් ප්‍රහාරයට පෙරදින කොළඹ අගරදගුරු පදවිය විසින් පාස්කු දේව මෙහෙය පැවැත්වූ වග”යැයිද හෙතෙම කොමිසම හමුවේ පැවැසුවා.

මෙහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් කොමිසම හමුවේ ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණ හා විමර්ශනවලදී අදාළ ප්‍රධාන පාස්කු දේව මෙහෙය නොපැවැත්වීම ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් පරීක්‍ෂණයක් පවත්වන ලෙසත්ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *