අගමැති සරණින් සභාපති පොර වෙයි -ඇමැති සහ ලේකම් කොර වෙයි

ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති ලෙස සේවය කරමින් එහි විකාශය කිරීමට නියමිත ‘මාණික්කාවත’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා සුදත් රෝහණ, අමාත්‍යාංශයේ අවසරයකින් තොරව පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

මාණික්කාවත’ රූගත කිරීම් සඳහා සති 2 ක කාලයකට නිවාඩු අනුමත කරදෙන මෙන් සුදත් රෝහණ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර ගෙන් ඉල්ලීමක් කර තිබේ. නමුත් ඊට අවසර හිමිවී නැත. කිසිදු අවසරයකින් තොරව දින 90ක් සඳහා මේ වන විට ඔහු රූගත කිරීම් සඳහා පිටත්ව ගොස් ඇත.

ඒ අවස්ථාවේදී ස්වාධීන රූපවාහිනී සභාපතිවරයා එතැනින් නැගිට රූගත කිරීම් සඳහා පිටව ගොස් ඇත්තේ ඇමැතිට කරන්න පුළුවන් බම්බුවක් නැතැයි යනුවෙන් පවසමිනි.

ඇමැතිටත් ඉහළින් මෙලෙස ස්වාධීන රූපවාහිනී සභාපතිවරයා ප්‍රදර්ශනය කරමින් සිටින්නේ කාගේ බලයක්දැයි ස්වාධීන රූපවාහිනී සේවකයෝ විමසති.

ඒ අනුව සේවකයෝ පවසන්නේ අගමැති විසින් සභාපතිවරයාව ආරක්ෂා කරන බවයි. එමෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ නිතරම හිත උණුවෙන චරිතයක් නිසා ඔහුගේ අනුකම්පාව මොහු ආරක්ෂාවක් කරගෙන සිටින බවද පැවසේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *