චීනයේ මහා ධනවතා වන අලිබාබා නිර්මාතෘ ජැක් මා විශ්‍රාම යයි!

චීනයේ ධනවත්ම පුද්ගලයා සහ සුප්‍රකට අලිබාබා සමාගම හරහා චීනයට ඊ-වාණිජ්‍යය හඳුන්වා දුන් බිලියනපති ජැක් මා අද (10) දිනයේදී අලි බාබා සමාගමේ විධායක සභාපති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතයි. ඔහු මේ සඳහා අද දිනය තෝරාගැනීමට හේතුව අද ඔහුගේ 55 වැනි ජන්ම දිනය වීමයි.

දශක දෙකක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගූ අලි බාබා සමාගම මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 460ක දැවැන්ත සමාගමක් බවට පත් කිරීම පසුපස සිටින ප්‍රබලම පුද්ගලයා වන්නේ ජැක් මා යි. මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 40කට අධික ධනස්කන්ධයක්ද ඔහු මෙම සාර්ථකත්වය හරහා උපයාගෙන චීනයේ ධනවත්ම පුද්ගලයා හැටියටයි වැජඹෙන්නේ.

විශ්‍රාම යාමෙන් පසුව සමාජයට සේවය කිරීමට තමන් පූර්ණ කාලීනව කැපවන බවයි ජැක් මා පවසන්නේ. තමන් 70 වන වියට එළඹෙන විට සමාජයට තමන්ගේ හැකියාවෙන් සහ ධනස්කන්ධයෙන් කැපී පෙනෙන සේවයක් කිරීම ඔහුගේ බලාපොරොත්තුව බව ජැක් මා පවසනවා. මේ කටයුතු සඳහා ඔහු විසින් 2014 දී ජැක් මා පදනම නමින් සමාජ සේවා ආයතනයක්ද පිහිටුවාගනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *