ලංකාවට ඇවිත් ගහපු ජැක්ලීන්ගේ මුල්ම tattoo එක

ජැක්ලීන් ෆර්නැන්ඩර්ස් කියලා කියන්නේ ලංකාව ලෝකෙට අරගෙන ගිය සුපිරි තරුවක්. බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන තරුවක් විදිහට ප්‍රේක්ෂකයන්ගේ අතිශය ආදරය දිනාගත්ත මේ සුපිරි තාරකාවිය ඔන්න පහුගිය දවසක ලංකාවට ඇවිල්ලා තිබුනා. තමන්ගේ උපන් රට වීම නිසාම ජැක්ලීන් විටින් විට ලංකාවට පැමිණීම සාමාන්‍ය දෙයක් වුනත් මේ වතාවේ එයා ඇවිල්ලා කරපු එක වැඩක් ටිකක ආකර්ශනීය එකක් වුන නිසාම අපි හිතුවා අද ඒ ගැන ඔයාලට කියන්න.

ඉතින් ඔන්න ඔය විදිහට ලංකාවට ආපු ජැක්ලීන් තමන්ගේ පලවෙනි tattoo එක ලංකාවෙන්ම කරගෙන යනවා කියලා තීරණය කලේ බොහොම හදිස්සියෙන් කියලා තමයි එයා නම් කියන්නේ. ඒ විතරක් නෙමෙයි මේ tattoo එක කරන වැඩේට එයාගේ ගෙදර අයගේ අවසරය නැති නිසාම වැඩිය සද්ද බද්ද නැතුව මේ tattoo එක ගැහුවා කියලා ජැක්ලීන් කියනවා. මේ අපූරු වැඩේ කරන්න ජැක්ලීන් තෝරාගෙන තිබුනේ ලංකාවේ වගේම ජාත්‍යන්තරයේත් ජනප්‍රිය නමක් දිනාගෙන තියෙන Tattoo Paradise එකට.

කොහොම වුනත් මේ කතාව ගොඩක් අයට රහසක්. හැබැයි දැන් දැන් වෙද්දී කිහිප දෙනෙක්ටම මේ කතාව කණ වැකිලා තියනවා කියලා ආරංචි වුන නිසාම ඔන්න අපි හිතුවා මේ කතාව තවත් රහසක් විදිහට තියාගන්නේ නැතුව ඔයාලට කියලා දාන්න.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *