ගාල්ලේ මරාගෙන මැරෙන පිපිරුමකට අරඇන්ද ජමාත් සාමාජිකයෙක් කොටු වෙයි

දෙහිවලදී මරාගෙන මැරෙන බෝම්බය ප්‍රහාරය එල්ල කළ ජමාත් සංවිධානයේ ජමාල් නැමති මරාගෙන මැරෙන බෝම්බකාරුගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ගාල්ලේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් සිටිබවට සැකකෙරෙන එම ප්‍රදේශයේ අන්තවාදී මරාගෙන මැරෙන කල්ලි සාමාජිකයකු ලෙස හඳුනාගත් අබ්දුල් කාදර් මොහොමඩ් ශස්නි නැමති තව්ෆික් ජමාත් සංවිධානයේ සම්බන්ධිකයෙකු ඇතුළු සැකකරුවන් 47 දෙනෙකු ගාල්ල නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකදී පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදාව සමග එකතුව පසුගිය දෙදින තුල සිදුකළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග චීනයේ නිෂ්පාදිත කඩු, කිණිසි,උල්පිහි,බෝම්බ නිෂ්පාදන සඳහා යොදාගන්නා දෑ, සැකකටයුතු ලැප්ටොප් පරිගණක, ජමාත් සංවිධානයේ නායක සහරාන්ගේ දේශන අතුලත් සංයුක්ත තැටි විශාල තොගයක්, උන්ඩකොපු හා යකඩ බෝල ඇතුළු තවත්ආයුධ රැසක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 47 දෙනා අතරින් සිව්දෙනෙකු රැඳව්ම් නියෝග මත ප්‍රශ්ණ කරමින් සිටින අතර සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත ගත කර විමර්ශන සිදුකිරීමටත් අධිකරණය නියෝග කර ඇති බව ගාල්ල සහකාර පොලිස් අධිකාරිවරයා පවසනවා.

රැඳවුම් නියෝග ලබාසිටින සැකකරුවන් අතර දෙහිවල මරාගෙන මැරෙන ප්‍රහාරයේ තවත් සැකකරුවකු හා තව්පික් ජමාත් සංවිධානයේ දේශකයෙකු සිටින බවත් පොලීසිය පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *