ජේම්ස් බොන්ඩ් අලුත්ම එක දින 2කෙන් කෝටි 570ක් උපයයි

අලුත්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ආදායම් වාර්තා පිහිටුවා ඇති බව විදේශ මාධ්‍ය පවසයි. No Time to Die නමැති මෙම සිනමාපටය සැප්තැම්බර් 30 වැනි දින එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක ප්‍රදර්ශනය ආරම්භ කල අතර එම සති අන්තයේ එය එක්සත් රාජධානිය තුළ ස්ටර්ලිං පවුම් මිලියන 21ක (ලංකා රුපියල් කෝටි 570 ක පමණ) ආදායමක් උපයා ඇත.

ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් පළමු සති අන්තයේ එක්සත් රාජධානිය තුළ උපයන ලද වැඩිම ආදායම මෙය වන අතර සිනමා කර්මාන්තය මත කොවිඩ් වසංගතයේ බලපෑම තවමත් අවසන්ව නැති පසුබිමක් තුළ මෙය විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ. මෙයට පෙර මෙම වාර්තාවට හිමිකම් තබා ඇත්තේ Skyfall චිත්‍රපටයයි.

No Time to Die චිත්‍රපටයේ බොන්ඩ් චරිතය රඟපාන සුප්‍රකට නළු ඩැනියල් ක්‍රේග් එම චරිතයට පණ දෙන අවසන් බොන්ඩ් චිත්‍රපටය මෙය වේ.

2006 වසරේ සිට චිත්‍රපට පහක එම චරිතය නිරූපණය කිරීමෙන් පසු ඔහු එම චරිතයෙන් සමු ගත් නිසා මෙම සිනමා පටය නැරඹීමට ප්‍රේක්‍ෂකයන් මහත් ආශාවෙන් බලා සිටියේය

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *