බොලිවුඩයම කම්පාකරමින් මියගිය රංගන ශිල්පිනි ශ්‍රී දේවිගේ ඉටි පිළිරුවක් සිංගප්පුරුවේ මදාම් තුසෝඩ් කෞතුකාගාරයේ දී අද (4) දින විවෘත කර තිබෙනවා.
එම අවස්ථාවට ඇයගේ ස්වාමි පුරුෂයා වූ ජනප්‍රිය සිනමා නිෂ්පාදක බොනී කපූර් සහ ඇයගේ දියණියන් දෙදෙනා ජාන්වී සහ කුෂි ද එක් වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
පසුගිය අගෝස්තු 13 වැනිදාට යෙදී තිබුණු ශ්‍රී දේවිගේ ජන්ම දිනය දා මදාම් තුසෝඩ් කෞතුකාගාරය විසින් නිවේදනය කර තිබෙන්නේ ඇය වෙනුවෙන් ඉදිවූ ඉටි රුව ළඟදීම විවෘත කිරීමට කටයුතු සුදානම් කර ඇති බවයි.
එම ඉටි පිළිරුව, ශ්‍රී දේවි වඩාත් ජනප්‍රියත්වයක් අත්කරගත් 80 ගණන්වලදී තිරගත වූ මිස්ටර් ඉන්ඩියා සිනමාපටයේ එන “හවා හවායි” ගීතය සඳහා ඇය කළ නිරූපණය සිහිගැන්වීම පිණිස නිර්මාණය කිරීමද විශේෂත්වයක්.