රග්බි ලෝක කුසලානයේ පළමු ජය සත්කාරකයින්ට (Video)

ලෝක කුසලාන රග්බි තරගාවලිය ආරම්භ කරමින් පැවති තරගයෙන් රුසියාව පරදා ලකුණු 30-10 ක පහසු ජයක් හිමි කර ගැනීමට සත්කාරක ජපානය සමත්විය. ජපානයේ අජිනොමොටෝ ක්‍රීඩාංගණයේදි අද (20දා) මෙය පැවැත්විණි.

තරගයේ පළමු ලකුණු වාර්තා කිරීම රුසියාව විසින් සිදුකළද, පළමු අර්ධය අවසන් වන විටදීද ලකුනු 12-07 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට ජපානය සමත්විය. ජයග්‍රාහී ජපානය උත්සාහක දිනුම් 4 ක් හා එහි ප්‍රවර්තනයන් දෙකක්ද, දඩුවම් පහර දෙකක්ද සාර්ථක කර ගත්හ.

මෙහිදී ජපානයේ කොටාරෝ මට්සුෂිමා උත්සාහක දිනුම් 3 ක් සාර්ථක කර ගත්තේය. එහිදී රුසියාව සාර්ථක කර ගත්තේ උත්සාහක දිනුමක්, එහි ප්‍රවර්තනය හා දඩුවම් පහරක් පමණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *