ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ දියුණුව උදෙසා ජපානයේ සහාය

මෙරට ක්‍රීඩාවේ දියුණුව උදෙසා හුවමාරු කරගත යුතු සහයෝගීතා පිළිබද සාකච්ඡා වූ විශේෂ හමුවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ ජපාන රාජ්‍යත්‍රාන්ත්‍රික නිළධාරීන් පරිසක් අතර පසුගියදා පැවැත් වුණා.

ජපානයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි, හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජත්‍රාන්තික නිළධාරීන් පිරිසක් සමඟ පැවති මෙම විශේෂ හමුවේ දී දෙරට අතර ගොඩනැගිය යුතු සබඳතා සහ හුවමාරු කරගත යුතු සහයෝගීතා පිළිබද විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට බඳුන්ව තිබේ.

එහි දී ජාතික තරුණ සේවා සභාව හා අනුබද්ධ තරුණ සමාගම විදේශ නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති අතර ඒ සදහා ජපානයේ රැකියා කෝටාවක් ලබා ගැනීම පිළිබඳව මෙන්ම ජාතික තරුණ සේවා සභාවේ පවත්වනු ලබන පාඨමාලා සදහා කථිකාචාර්යවරුන්, දේශකවරුන් වශයෙන් ජපානයේ සම්පත් දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

ක්‍රීඩා පුහුණුකරුවන්, ක්‍රීඩා සම්භාහකයින්, ජීවිතාරක්ෂකයින් වැනි වෘත්තීන් සදහා ශ්‍රී ලංකාවෙන් පිරිස් ජපානය සදහා යොමු කිරීම මෙන්ම ජපානයේ බහුලව පවතින රැකියා අවස්තා සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණු සදහා ඒකාබද්ධ වැඩපිළිවෙලක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පිළිබදව ද මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ශරීර සුවතා හා ශක්ති ජනන මධ්‍යස්ථාන ජපානය හා ඒකාබද්ධ සේවාවක් පවත්වාගෙන යාම තුළින් එම ආයතන ජපානයේ තිබෙන සම්මත ගුණාත්මක තත්ත්වයන්ට ගෙන ඒම පිළීබඳව මෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට සූදානම් කර ඇති ක්‍රීඩා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ද කරුණු ද ජපාන රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟ අදහස් සකච්ඡාවට බඳුන්ව අත.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.මහේසන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ද සහභාගී විය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *