Sri Lanka Breaking News | TrueNews.lk

ජේසන් රෝයිට අවසාන මහා තරඟය අහිමි වෙයිද? ICCයේ තීරණය මෙන්න!

ඊයේ පැවති ලෝක කුසලාන තරඟයේදී ඕස්ට්‍රේලියාව පරදා පහසු ජයක් ලැබීමට එංගලන්තය සමත් වූවා. මෙහිදී ජේසන් රෝයිගේ දැවීයාමට හේතු වූ විනිසුරු කුමාර ධර්මසේනගේ වැරදි තීරණය කාගේත් කතාබහට ලක්වුණා.

ඒ අවස්ථාවේදී තමන්ට ලැබුණු වැරදි තීරණය සම්බන්ධයෙන් ජේසන් රෝයි ආවේගශීලීව හැසිරෙනු කාටත් දකින්නට ලැබුණා. මේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් ජේසන් රෝයිට ලෝක කුසලාන අවසාන මහා තරඟය අහිමි වේය කියායි බොහෝ දෙනෙක් සැක කළේ.

කෙසේ වෙතත් මේ වන විට ජේසන් රෝයිට හිමිවන දඬුවම ගැන අයිසීසීය තීරණයකට පැමිණ තිබෙනවා. එයට අනු​ව ජේසන් රෝයිගේ තරඟ ගාස්තුවෙන් 30%ක මුදලක් අය කර ගැනීම​ට අයිසීසීය තීරණය කර තිබෙනවා.

ලෝක කුසලාන අවසාන තරඟයට ජේසන් රෝයිට ක්‍රීඩා කිරීමට කිසිදු බාධාවක් අයිසීසීය විසින් පණවා නැහැ. ඒ අනුව ඔහු එළඹෙන අවසන් මහා තරඟයේ එංගලන්ත කණ්ඩායමේ ඉනිම ආරම්භ කරනු ඇති.

Be the first to comment on "ජේසන් රෝයිට අවසාන මහා තරඟය අහිමි වෙයිද? ICCයේ තීරණය මෙන්න!"

Leave a comment

Your email address will not be published.


*