තමිල්නාඩු හිටපු මහ ඇමැතිනි ජයලලිතා ඝාතනය කර ඇති බව තමිල්නාඩු නීති කටයුතු ඇමැති සිවනාචරි ප්‍රකාශ කර තිබෙනවා.
දියවැඩියාව වැළඳී තිබූ ඇයට පැණි රස කෑම ලබාදීමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි නීති කටයුතු ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ.
ඇයට උණ වැළඳීම නිසා රෝහලට ගෙන ගොස් ඇති අතර රෝහලේදී ඇයට පැණි රස දී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි ඉන්දීය මාධ්‍ය න්පවසන්නේ.
ජයලලිතාගේ මරණය ගැන හිටපු විනිසුරු ආරුමුකම් ප‍්‍රධානත්වයෙන් විමර්ශනයක් පැවැත්වුණු අතර මෙම විමර්ශනය වෙත රහස් තොරතුරු රැසක් ලැබී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
බොහෝ දමිළ ජනතාවගේ ආදරයට පාත්‍ර වූ ‘අම්මා’ යන නාමයෙන් හැඳින්වූ ජයලලිතා ජයරාම් 2016 දෙසැම්බර් මස 5 සිය අවුරුදු 68ක ජිවන ගමන නිමා කර මෙලොවින් සමුගත්තා.
2016 සැප්තැම්බර් 22 වන දා ඇය රෝහලට ඇතුලත් කරනු ලැබුවේ තද උණ සහ විජලනය හේතුවෙනුයි.
චෙන්නායි හි පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුව දරුණු හෘදයාබාධයකට මුහුණ දෙමින් පසුව මරණයට පත්වූ බවයි පැවසුණේ.