අනුරට සහාය දුන් ජයම්පති ආපසු එජාපය වෙත එයි

ජාතික ජනතා බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහාය පළ කරන බව පසුගිය සැප්තැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කළ එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා යළි එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතු වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ජයම්පති වික්‍රමරත්න මහතාගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවනු ඇති.

ජයම්පති වික්‍රමරත්න මහතා ජාතික සංවිධායක ධුරය දරන එක්සත් වාමාංශික පෙරමුණ ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතාට සහාය පළ කිරීමට සිය මධ්‍යම කාරක සභාවේදී තීන්දු කර තිබුණු අතර ජයම්පති වික්‍රමරත්න මහතා ද මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ අනුරට පළමු මනාපයත් ගෝඨාභය රාජපක්ෂට එරෙහි ශක්තිමත් අපේක්ෂකයාට දෙවන මනාපයත් දෙන ලෙස තමන් ඉල්ලා සිටින බවයි.

කෙසේවෙතත් පසුගියදා එජාප ජ්‍යේෂ්ඨයින් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා සිය තීරණය යළි වෙනස් කර ඇති බව සඳහන්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *