තමන්ට පැනවූ තරග තහනම සම්බන්ධයෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ප්‍රතිචාර දක්වා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දනය ඒකකය යටතේ කළ පරීක්ෂණවලදි තමා සතු සිම් කාඩ්පත සහ ජංගම දුරකතනය කඩිනමින් පරීක්ෂණ සදහා ලබාදීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී ඇති බවයි.
දුෂණ චෝදනා හෝ තරග පාවාදිම් සහ රහසිගත තොරතුරු අනාවරණ කිරීම සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල වී නොමැති බව ඔහු පෙන්වා දෙනවා. සිය ක්‍රීඩා ජීවිතය තුළ තමා මෙතෙක් උපරිම අවංක භාවයෙන් ක්‍රීඩා කළ බව සදහන් කරන ජයසූරිය සෑම විටම තමාගේ රට ප්‍රධාන කර ගනිමින් කටයුතු කළ බවයි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.