ජනප්‍රිය නිළියගේ අලුත්ම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට දවස් දෙකකින් මිලියන 9.9ක පිරිසක්

Jennifer Aniston කියලා කියන්නේ ලෝකය පුරා අතිශය ජනප්‍රියතාවයක් දිනාගත්ත ඇමරිකානු රංගන ශිල්පිනියක්. චිත්‍රපට නිෂ්පාදිකාවක් වගේම ව්‍යාපාරික කාන්තාවක්. ඉතින් මේ සුපිරි තාරකාවිය පහුගිය දවසක තමන්ට කියලා අලුතින්ම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් ආරම්භ කරලා තිබුනා. ලෝකය පුරාම ඉන්න මේ වගේ ජනප්‍රිය තරු තමන්ගේම එදිනෙදා ජීවිතය ප්‍රේක්ෂකයන් එක්ක හුවමාරු කරගන්න සමාජ මාධ්‍ය යොදාගන්න එක මේ වෙද්දී හරිම සාමාන්‍ය දෙයක්. ඇත්තටම තරු ගුණය පවත්වාගෙන යන්න ඒකෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා කියන එකත් අමතක කරන්න බෑ.

ඉතින් කොහොම හරි මෙච්චර දවසක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් නොතිබුණු ජෙනිෆර් මේ විදිහට අලුත් ගිණුමක් ආරම්භ කිරීම ලෝකය පුරා ඉන්න ඇයගේ ප්‍රේක්ෂකයන්ට අතිශය සතුටුදායක ආරංචියක් කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

ඉතින් පළමු ඡායාරුපය විදිහට ඇයගේ මිතුරන් සහ ජනප්‍රිය රංගන ශිල්පීන් වන කෝර්ටනි කොක්ස්, ලීසා කුඩ්රෝ, ඩේවිඩ් ෂ්විම්මර්, මැතිව් පෙරී සහ මැට් ලෙබ්ලාන්ක් සමඟ ඡායාරූපයක් තමයි පලකරලා තිබුනේ. පුදුමය කියන්නේ එතනින් ගත්ත ආරම්භය නිසාම හිතාගන්නත් බැරි කාලයක් ඇතුලත ජෙනිෆර්ගේ ෆලෝවර්ස්ලා ප්‍රමාණය හිතාගන්නත් බැරි තරම් වේගයෙන් ඉහල නැගල තියනවා. ගිණුම ආරම්භ කරලා දවස් දෙකක් වගේ ගතවෙලා ඊයේ බදාදා දවස වෙද්දී මිලියන 9.9 වගේ රසික පිරිසක් මේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු වෙලා තියනවා.

ඉතින් Jennifer Anistonගේ තොරතුරු දැනගන්න ඇයගේ ප්‍රේක්ෂකයන් දැඩි උනන්දුවකින් ඉන්නවා කියන එක දැන් සාක්ෂි සහිතවම ඔප්පු වෙලා තියනවා කියලා තමයි ඉතින් මේකෙන් පේන්න තියෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *