ජෙරම් ප්‍රනාන්දුට සහ ඔහුගේ බිරිඳට ලැබුණු මුදල් ගැන තොරතුරු හෙළි වෙයි

ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් ආගමික සංහිදියාව බිද හෙලන ආකාරයේ දේශන පැවැත්වීමේ චෝදනා එල්ල වූ ජෙරම් ප්‍රනාන්දු යන අයට එරෙහි නඩුවද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැදවූවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ආයතනයක සී සී ටී වී දර්ශන ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ආයතනයේ තොරතුරු කාක්ෂණ නිලධාරියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිටින ලෙස මෙහිදි නියෝග කෙරුණා.

ඒ අධිකරණයෙන් ලද නොතීසියක් අනුව ඔහු අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේයි. අදාළ ආයතනය ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 6100 ක් වැය කරමින් පුද්ගලයන් පන්දහසකට එකවර ආසන වෙන් කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක සදහන් වනවා.

ජෙරම් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිද ඇතුළු කිහිප දෙනෙකුට අයත් බැංකු ගිණුම් 12 ක ට රුපියල් කෝටි 1226 ක් ලැබී ඇති බව ද එම වාර්තාවේ දැක්වෙනවා.

මෙම මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *