ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරැන් පිරිසක් රනිල් හමුවේ

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරැන් පිරිසක් ඊයේ (21දා) විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වනවා.

ඇතැම් මැතිඇමතිවරැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශය හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරැන් පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරැන්ද දැඩි අපහසුතාවට පත්ව ඇති බව මෙහිදී මෙම මන්ත්‍රීවරැ පිරිස රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබෙනවා.

මන්ත්‍රීවරැන්ගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා තමන්ට කිසිදු දැනුම්දීමක් කර නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ මන්ත්‍රීවරැන්ට පවසා ඇති අතර මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමට ද රන්ජන් රාමනායක මහතා පැමිණියේ නැතැයිද ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *