ආරම්භක පිතිකරුවන් යුගළයක් එක්දින ක්‍රිකට් පිටියේ රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත්කම් දක්වනු ලැබුවා.
අයර්ලන්ත කණ්ඩායම හා ඊයේ (05ද) පැවැති තරගයේදී මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ ජෝන් කැම්බල් හා ෂායි හෝප් විසිනුයි.
පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් ලකුණු 365ක් රැස්කිරීමට සමත්වු අතර ජෝන් කැම්බල් පන්දු 137කදී හයේ පහර 6ක් හා හතරේ පහර 15ක් සමගින් ලකුණු 179ක් රැස්කළා.
හෝප් පන්දු 152කදී හතරේ පහර 22ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 170ක් රැස්කළා.
ඔවුන් දෙදෙනා පන්දුවාර 47.2කදී ලකුණු 365ක් රැස්කර අතර පළමු කඩුල්ල ලෙස කැම්බල් දැවී ගිය අතර එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී හෝප් දැවී ගියා.
කොදෙව්වන් නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 381ක් රැස්කළ අතර පිළිතුරු ලෙස අයර්ලන්තයට රැස්කළ හැකිවූයේ ලකුණු 185ක් පමණයි.