පාර්ලිමේන්තුවේ ‘චොක්‌ලට්‌ කෑම නිසා’ සමාව ඉල්ලූ අගමැතිවරයා

සිය රජයට එරෙහිව එල්ලව පවතින දූෂණ චෝදනාවක්‌ සම්බන්ධයෙන් කැනේඩියානු පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමක්‌ අතරතුරදී චොක්‌ලට්‌ බාර් එකක්‌ හොර රහසේ අනුභව කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් කැනේඩියානු අගමැති ජස්‌ටින් ටෲඩෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පාර්ලිමේන්තුවේ රාත්‍රි කාලයේ පැවති ඡන්ද විමසීමකදී අගමැතිවරයා කිසිවක්‌ තම මේසය යට සඟවාගෙන අනුභව කරනු දුටු විපක්‍ෂ මන්ත්‍රී ස්‌කොට්‌ රීඩ් අගමැතිවරයා ඩෝනට්‌ හැඩයෙන් යුතු බටහිර කෙටි කෑමක්‌ අනුභව කරන බවට සභාවට ප්‍රකාශ කර තිබෙනවා.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සැසිවාරයක්‌ පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජලය පමණක්‌ පානය කළ හැකි අතර ආහාර සභාවට ගෙන ඒම තහනම්.

“අගමැතිවරයා පාර්ලිමේන්තුවද දූෂිත ස්‌ථානයක්‌ කිරීමට තැත් කරන” බව රීඩ් මන්ත්‍රීවරයා පැවසූ විටදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව දැඩි සේ ඝෝෂා කර ඇති අතර ඝෝෂාව මධ්‍යයේ කැනේඩියානු අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ “මා සමාව අයදිනවා. ඒ චොක්‌ලට්‌ බාර් එකක්‌” යනුවෙනුයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *