කොවිඩ් ආසාදනය වූ කරණවෑමියා ‘120කගේ’ කොන්ඩේ කපලා

කහතුඩුව ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක කරණවෑමියෙකුට කොරෝනාවෛරසය ආසාදිත බව තහවුරු වී ඇතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඒ අනුව, එම ස්ථානයට මුද්‍රා තබා  120 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කහදූව ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකු පසුගිය දිනෙක මෙම කරණවෑමියාගේ සේවය ලබා ගැනීමට පැමිණ ඇති අතර ඔහුගෙන් මෙම කරණවෑමියාට කොරෝනාවෛරසය අසාදනය වන්නට ඇති බවට සැක කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

එම මාළු වෙළෙන්දා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයෙකු වන අතර ඔහු මෙම කරණවෑමියාගෙන් සේවය ලබා ගෙන දින කිහිපයකට පසු ආසාදිතයෙකු බවට හඳුනා ගෙන තිබුණා.

ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගත් පසු මෙම කරණවෑමියා ද පසු ගිය 27 වන දා පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය කර ඇති අතර එහිදී මෙම කරණවෑමියා ද ආසාදිතයෙකු බවට තහවුරු වී තිබුණා.

කරණවෑමියා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කහතුඩුව ප්‍රදේශය සිය කොණ්ඩා කැපීමේ ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *