අද දහවල් අභවප්‍රාප්ත වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය වෙත භාරදීමට නියමිත බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි. ඒ මහාචාර්යවරයාගේ අවසන් කැමැත්තට අනුවයි.
මෙරට සිටි සුප්‍රකට වෛද්‍යවරයෙකු මෙන්ම කලාව, සාහිත්‍යය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පෙළහර පෑ කාලෝ ෆොන්සේකා මහතා කලක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
ඔහුගේ බෑණනුවන් කෙනෙකු වන, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසන්නේ සිය මාමණ්ඩියගේ අවසන් කැමත්ත මත දේහය වෛද්‍ය විද්‍යාලය වෙත භාරදෙන බවයි. මෙරට වෛද්‍ය ක්ෂේත්‍රය වෙත අමිල මෙහෙවරක් ඉටුකළ සිය මාමණ්ඩිය දිවියෙන් සමුගැනීමෙන් පසුවද සිය ජීවිතය වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කැප කරමින් මියගිය පසු පැය 06 ක් ඇතුළත දේහය වෛද්‍ය විද්‍යාලය වෙත භාරදෙන ලෙස අවසන් කැමැත්ත සටහන් කර ඇති බවත් ඒ අනුව කටයුතු කිරීමට පවුලේ ඥාතීන් තීරණය කර ඇති බවත් රන්ජන් රාමනායක මහතා පවසයි.
තම දිවි ගමනට ආලෝකයක්, මිණි පහනක් වූ කාලෝ ෆොන්සේකා මහතාගේ වියෝව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා පවසන්නේ ‘මගේ තරු ලකුණ නිවී ගියා’ යනුවෙනි. සිය ජීවිතයට මගෙ පෙන්වූ විජේ මාමා ඇසුරු කිරීමට සීමිත කාලයක් ලැබුණු නමුත් කාලෝ මාමා තම ජීවිතයේ සෑම කඩඉමකදීම තමන්ට ශක්තියක් වෙමින් තමාගේ පිටුපසින් සිටි බව රන්ජන් රාමනායක මහතා පවසයි.
පසුගිය කාලයේදී තමන්ට එරෙහිව අධිකරණවල ක්‍රියාත්මක වූ නඩුවලදී, සෑම නඩු දිනයකම කාලෝ ෆොන්සේකා මහතා අධිකරණයට පැමිණි ආකාරය රන්ජන් රාමනායක මහතා සිහිපත් කරයි.
‘සතියට දවස් තුනක් නඩු තිබුණොත් බැරි බැරිගානෙ හරි කාලෝ මාමා උසාවියට එනවා. කොච්චර එපා කිව්වත් එයා ඇහුවෙ නෑ. කාලෝ මාමා මට පුදුම ශක්තියක් උනා. ඒත් අද මගේ ජීවිතේ තරු ලකුණ නිවී ගිහින්.’