අද එන්න තිබූ පෙට්‍රල් නැව දිනක් ප්‍රමාද වෙයි

අද (23) උදෑසන දිවයිනට ළඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව දිනක පමණ ප්‍රමාදයකින් පසු හෙට(24) දිනයේදී දිවයිනට පැමිණිමට නියමිතව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කලේ අද සහ හෙට දිනවලදී දිවයින පුරා පෙට්‍රල් බෙදා හැරීම සීමා සහිතව සිදුකිරීමට සිදුව ඇති බවයි.

කෙසේවෙතත් ඔටෝ ඩීසල් බෙදා හැරීම පූර්ණ ධාරිතාවයෙන් සිදුකරන බවද ඔහු සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published.