අඛණ්ඩව භූමිතෙල් ලබා දෙන දිනය ගැන ඉඟියක්

අගෝස්තු 19 දින සිට අඛණ්ඩව භූමි තෙල් ලබාදීමට බලාපොරොත්තු වන බවත් භූමි තෙල් ලබාදීමේ දී මිල සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා

පසුගිය සති හතරක කාලය තුළ අවශ්‍ය භූමි තෙල් ධීවර ජනතාවට ලබාදීමට නොහැකි වූ බවත් එහෙත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා

පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා භූමි තෙල් නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ

අගෝස්තු මස 13 දින බොර තෙල් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත බවත් දෙවැනි නෞකාව 29 දින පැමිණෙන බවත් 15 වනදා සිට පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *