මහනුවර මූලස්ථාන පොලිසියේ 40කට හදිසි මාරු

මහනුවර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාත් අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන සැරයන්වරු දෙදෙනකුත් හැර සෙසු සියලු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පොලිස් ස්ථාන හා ඒකක වෙත මාරු කිරීමට මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.

අපේක්ෂිත මහජන සේවය මහනුවර විවිධ පැමිණිලි අංශය මඟින් නොලැබෙන බවට ලද පැමිණිලි මත අදාළ තීරණය ගෙන තිබෙන බව දැන ගන්නට ඇත. හතළිහකට ආසන්න මාරු කළ පිරිස අතර පොලිස් පරීක්ෂකවරයකු හා උප පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනකු සිටිති.

විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා මෑතක එම අංශයට පැමිණ තිබෙන අතර, එය සැලකිල්ලට ගනිමින් ඔහු මාරු කළ කණ්ඩායමට ඇතුළත් කර නැත. අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන නිලධාරීන් දෙදෙනා මාරු කිරීමෙන් එම වැඩකටයුතුවලට බාධා ඇති වන බැවින් තාවකාලිකව ඔවුන් දෙදෙනාද විවිධ පැමිණිලි අංශයේම සේවය සඳහා යොදවා තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්ය මහජන සේවය බවත් විවිධ පැමිණිලි අංශය මඟින් පුළුල් ලෙස එම සේවාව කිරීම සඳහා අදාළ මාරු කිරීම් කළ බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා කීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *