මධුෂ් සමග හිරේ සිටි පාතාලේ ‘කංචිපානි ඉම්රාන්’ ලංකාවට ඇවිත්

ඩුබායිහි මාකඳුරේ මධුෂ් සිරභාරයේ පසුවූ මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් ‘කංචිපානි ඉම්රාන්’ ද එරටින් පිටුවහල් කර තිබෙනවා.

ඔහුව කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මොහු පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ් ගේ සමීපතමයෙකු වන අතර , ඔහු ඩුබායි පොලීසිය විසින් පිටුවහල් කිරීමෙන් පසු මෙසේ මාල දිවයින බලා යෑමට පැමිණෙන බවට කල් ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබී ඇති අතර , ඔහු  අද උදෑසන 6.20 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ 547 දරන ගුවන් යානයෙන් පැමිණ  කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටියදීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ .

ඔහු සමග පිටුවහල් කළ තවත් 03 දෙනෙකුද හඳුනාගෙන ඇති අතර මේ වන විට ඔවුන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *