කංජිපානි ඉම්රාන් බූස්ස බන්ධනාගාරය​ට

වසර 6 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ ප්‍රබල අපරාධ කල්ලි සාමාජික මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් මේ වනවිට බූස්ස බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් ප්‍රකාශ කළා.

කොළඹ මහාධිකරණය අද ඔහුට සිරදඩුවම් නියම කළේ ගංජා කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරුවීම හේතුවෙන්.

මෙම ගංජා තොගය 2013 වසරේ සැප්තැම්බර් මස 13 වනදා මාලිගාවත්ත ප්‍රදේශයේදී සොයා ගත් අතර, එහිදී නීතිපතිවරයා විසින් කංජිපානි ඉම්රාන්ට එරෙහිව ගංජා ළග තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නඩු පවරනු ලැබුවා.

ඒ අනුව, කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ අද මෙම නඩුව විභාගයට ගැණුනු අතර, එහිදී කංජිපානි ඉම්රාන් චෝදනා දෙකටම වරද පිළිගෙන තිබෙනවා.

ඒ අනුවයි, එක් වරදකට වසර 3 බැගින් වසර 6 ක සිරදඩුවමක් විනිසුරුවරයා නියම කළේ.

කංජිපානි ඉම්රාන් පාතාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි සංවිධාන කර තිබූ සාදයක සිටියදී පසුගිය පෙබරවාරි මස 5 වනදා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වුණු අතර, පසුව ඔහු දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව මාර්තු මස 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත්තා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *