ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ සහයකයෙකු බව කියන මොහොමඞ් ශම්මූර් මොහොමඞ් සියාම් හෙවත් “ජී – බුම්බා” ගම්පොළ, ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මාලිගාවත්ත, මෛත්‍රීබෝධිරාජ මාවතේ පදිංචිකරුවෙකු වන ඔහු ගම්පොළ, ගම්පොළවෙල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියා.
ඔහු අත්අඩංගුවට ගැණුනේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කෙරුණු මෙහෙයුමකදීයි.
කංජිපානි ඉම්රාන්ගේ ඝාතන කොන්ත‍්‍රාත්තු මෙම පුද්ගලයා විසින් ඉටු කර ඇති බවට පොලිසිය සැක කරනවා.