ශ්‍රී ලන්කන් වංචාවට හසුවූ කපිලත් දැන් රන්ජන්ගේ වාට්ටුවේ

අමෙරිකානු ‌ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ‌ගෙන බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලන්කන් ගුවන් ‌සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රදවා සිටින වාට්ටුවටම ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව චන්ද්‍රසේන මහතාද ‘පී’ වාට්ටුවේ සිටින බව දැනගන්නට ලැබෙනවා.

ඒ මහතාගේ බිරිය වන ප්‍රියංකා නියෝමාලි යන අය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා ඇති බවද වාර්තා ‌වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *