දුප්පත් දැරියට පිටුපා යන ජනප්‍රිය අම්මා

බොලිවුඩ් සිනමා තාරකාවක් වන කරීනා කපූර්ට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් පල වෙමින් තිබෙනවා.

දුප්පත් දැරියක් වෙත ඇය කරුණාව නොදක්වන බව දැක්වෙන ඡායාරූපයක් නිසා මෙම විරෝධය මතු වුණා.

සෙනග අස්සෙන් ඉදිරියට ඇදෙන කරීනාගේ මාර්ගය හදලා දෙන්න ඔවුන්ගේ ආරක්ෂක කණ්ඩායම් ලොකු උත්සාහයක් ගන්න අතරේ වැරහැලි ඇඳුම් ඇඳගත් පුංචි ගැහැණු දරුවෙක් කරීනාගේ ඇඳුමේ එල්ලී පසුපසින් එන අයුරු එහි දැක්වුණා.

මේ බව ගණනකටවත් නොගත් කරීනා තමන්ගේ දරුවා තුරුළු කරගෙන ඒ අහිංසක දරුවා මගහරිමින් යන අයුරුයි එහි පෙන්නුම් කෙරුනේ.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.