“ජාතික නායකයා ප්‍රභාකරන්” – කරුණා අම්මාන්ගේ පුල්ලි යළිත් මතුවන අයුරු මෙන්න

වේලුපිල්ලේ ප්‍රභාකරන් කිසිදිනක තමනට ද්‍රෝහියෙකු යැයි පවසා නැතැයි දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.

තමන් ද්‍රෝහියෙකු යැයි කීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් එවන් අයිතියක් ඇත්තේ නම් ඒ තම ජාතික නායකයා වන ප්‍රභාකරන්ට පමණක් බවත් ඔහු සඳහන් කළා.

කරුණා අම්මාන් ද්‍රෝහියකු යැයි දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අම්පාර ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

අපගේ ජාතික නායකයා වන්නේ ප්‍රභාකරන් පමණක් බවත් කී ඔහු එය වටිනා ධුරයක් බවත් නැවත ඇති කළ හැකි ධූරයක් නොවන බවත් ඔහු කියා සිටියා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.