කරුණා අම්මාන් හතරවෙනි තට්ටුවට (VIDEO)

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

අම්පාර ප්‍රදේශයේ දී සිදු කළ ආන්දෝලනාත්මක අදහස් දැක්වීමට අදාළව කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස ඔහුට පසුගිය ජූනි මස 23 වන දා දැනුම් දී තිබුණා..

ඒ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ පරික්ෂණයට අදාළවයි.

නමුත් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් එදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත දන්වා තිබෙනවා.

තමා කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු පමණක් මිය ගියත් තමන් අලිමංකඩදි එක රැයකදි දෙදහසත් තුන්දහසත් අතර හමුදාවක් මරා දැමු බව ඔහු අම්පාරේ දී පවසා තිබුණා.

You May also like

1 Comment

  1. කොහෙවත් යන කොටියෙක්….වෙඩි තියලා හරි නම් ඔකාව මරන්න ඕන…අපේ කොල්ලො මැරුවට…එහෙම ඉතින් ජාතියට ආදරේ ආන්ඩුවක් මේ ලංකාවේ කවදාවත් නෑනේ…ඔකට දේශපාලනයට එන්න දුන්නෙත් දේශපාලුවො තමයි…ලැජ්ජයි සිංහලයෙක් වෙලා ඉපදුන එකටත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *