දෙමටගොඩ චමින්ගේ කල්ලිය පසුපස STF පන්නයි – සමීපතමයන් දෙදෙනා අල්ලා ගනී

දැනට මරණ දඬුවම නියම වි ඇති සංවිධානාතමක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කසුන් චින්තක හා අරුණ උදයකුමාර (ලාල් බබා) නම් දෙදෙනායි.

ඔවුන් සතුව තිබී හොරොයින් ග්‍රෑම් 50ක් ද සොයාගෙන තිබෙනවා.

කසුන් චින්තක නැමැත්තා යුද හමුදාවෙන් පළාගිය අයෙකු බවත් ඔවුන් පෑලියගොඩදී අත්අඩංගුවට ගත් බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *