මධූෂ් එනතුරු කණ්ඩායම් කිහිපයක් කටුනායක රැකසිටී

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකඳුරේ  මධූෂ් ඇතුළු පිරිස අද දිනයේ කටුනායක ගුවන් තොටුපළට පැමිණියහොත් ඔවුන් සිය භාරයට ගැනීම සඳහා පැය 24 පුරා අවධානයෙන් සිටින ආරක්ෂක කණ්ඩායම් කිහිපයක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයට යොමු කර තිබෙනවා.

මේ වන විට ඩුබායි සිටි ගුවන් යානා කිහිපයක් කටුනායකට පැමිණියත් එම ගුවන් මගීන් සමග අදාළ සැකකරුවන් පැමිණ නොමැති බවයි වාර්තා වෙන්නේ.

තවත් ගුවන් යානා කිහිපයක් ඉදිරි පැය කිහිපය තුළ කටුනායකට ළඟා වීමටද නියමිතයි.

රජයේ බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විත බවද වාර්තා වෙනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *