මාකඳුරේ මදූෂ් සමග සාදයකදී ඩුබායිහීදි අත්අඩංගුවට ගෙන විමර්ශන ක්‍රියාත්මක වීමෙන් පසු පිටුවහල් කරන ලද තවත් දෙදෙනෙකු අද (08) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
UL – 266 දරණ ගුවන් යානයෙන් මෙම දෙදෙනා පැමිණ ඇති අතර එහිදී කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය භාර නිලධාරීන් ඔවුන් දෙදෙනාව සිට භාරයට ගෙන තිබෙනවා
මෙසේ පිටුවහල් කර ඇත්තේ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ මොහොමඩ් ජබීර් මොහොමඩ් මුෆා ය.
ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.