ජනප්‍රිය ඇමරිකානු ගායන ශිල්පිනි Katy Perry 2013 දී එළිදැක්වූ “Dark Horse ” ගීතය ක්‍රිස්තියානි රැප් ගීයක කොපියක් බවට එරට අධිකරණය තීන්දු කර ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
රැප් ගායක Flame 2009 දී නිර්මාණය කළ “Joyful Noise” නම් ගීතය තමන්ගේ ගීතය පටිගත කිරීමට පෙර කිසිදිනක අසා නොමැති බවට කේටි සාක්ෂි ඉදිරිපත් කර ඇති බවත් සදහන්.
ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියා විරහිත වී තිබීමෙන් ජූරි සභිකයන් ඉදිරියේ “ඩාක් හෝස්” ගීතය වාදනය කිරීමට ඇයගේ නීතිඥවරුන්ට නොහැකි වීම නිසා නඩුව විමසන අවස්ථාවේ දී එය ගායනා කිරීමට පවා ඇය ඉදිරිපත් වී තිබෙනවා.
කෙසේ වෙතත්, කේටිට එරෙහිව තීන්දුව ලබා දීමට පසුගිය සඳුදා ජූරිය කටයුතු කර ඇති බවයි සදහන් වන්නේ.
ඩාක් හෝස් ගීතය ඇතුලත් වන්නේ කේටි පෙරීගේ සිව්වැනි සංගීත ඇල්බමය වන “ප්‍රිස්ම්” හි යි. එය එම ඇල්බමයේ ගීත අතුරින් ඉතා ජනප්‍රිය එකක්.
එම ගීතයේ පිටපත් මිලියන 13කට අධික ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වී තිබෙන අතර ඩාක් හෝස් වීඩියෝව පමණක් යූ ටියුබ් ඔස්සේ බිලියන 2.6 කට අධික පිරිසක් නරඹා තිබෙනවා.