කොල්ලකෑ දියමන්තියෙනුත් ස්වර්ණාභරණ අධිකාරිය ජරාව කන්න හදලා

ආසියාවේ විශාලතම දියමන්ති කොල්ලය යැයි කියැවෙන ඇරැව්වලින් කොල්ලකෑ දියමන්තියට මේ වනවිට ජාත්‍යන්තර දියමන්ති වෙළෙඳුන්ගේ පවා දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

එසේ ජාත්‍යන්තර දියමන්ති මාෆියාවට සම්බන්ධ වූවන් මෙයට ඇස ගසාගෙන සිටින බව හෙළිව තිබෙනවා.

දියමන්ති සම්බන්ධයෙන් ඇමෙරිකාවේ පළවන සඟරාවක ලංකාවේ මෙම දියමන්තිය පිළිබඳ ලිපියක් පවා පළවෙන්නේ දියමන්තියට ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබෙන විටය.

විවිධ බලවේග දියමන්තිය කෙරෙහි අවධානය යොමු කරද්දී එය මුදාගැනීමේ මෙහෙයුමක පෙරනිමිතිද මේ වනවිට පහළ වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශන කරන පොලිස් කණ්ඩායම්වල අවධානය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හැසිරීම කෙරෙහිද යොමු වී ඇති අතර ඇල්ලූ දියමන්තියේ වාර්තාවක් ලබාගැනීමට නම් වටිනාකමින් සියයට එකක් අධිකාරියට ලබාදිය යුතු බව අධිකාරියේ නිලධාරීන් පොලිසියට මුලින්ම යෝජනා කර තිබෙන බව වාර්තා වනවා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඇති දියමන්ති පරීක්ෂා කරන චෙස්ටරයෙන් එය පරීක්ෂා කිරීමට එහි ගිය පොලිස් නිලධාරීන් යෝජනා කළත් එහි බැටරි බැස ඇතැයි අධිකාරියේ නිලධාරීන් පවසන්නේ කිසිදු ලැජ්ජාවකින් තොරවය.

මෙය දියමන්තියක් නොව විශේෂ පාෂාණයක් විය හැකි යැයි අවසානයේ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීහු කියන්නට වූ අතර එම අධිකාරිය මූලික විමර්ශනයේදී එය දියමන්තියක් නොවන බව කීම පුදුම සහගත බවයි පොලිසිය පවසන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *