රෝගීන් මියයාම ගැන සෙවූ වාර්තාව ඇමති කෙහෙළියට

මෑතකාලීනව රටතුළ මහත් ආන්දෝලනයක් මතුකරමින් රෝහල් තුළදී රෝගීන් මියයාම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව ඊයේ(08) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාරදී තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ට්විටටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

වෛද්‍යවරයාගේ සහ රෝගියාගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා සම්පූර්ණ වාර්තාව හෙළිනොකරන බවට අමාත්‍යවරයා සදහන් කර තිබේ.

ඒ අනුව අදාළ විශේෂඥ කමිටුවේ නිර්දේශ සහ නිගමන පමණක් ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කර තිබෙන බව සඳහන් කර ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *