අද රාජාසන කතාවට කෙහෙලියට ආරාධනා කරයි. කෙහෙලිය බෑ කියයි.

අද පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාටද ආරාධනා කර තිබේ.

දැනට බන්ධනාගතගාර ගත කර සිටින රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවට රැගෙන එන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරියා විසින් ලිකිතව දැනුම් දී ඇත.

එමෙන්ම රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ ඉදිරි සියලු සභා රැස්වීම් වලටද කැඳවා ඇත.

කෙසේ වෙතත් රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

අමාත්‍ය ධුරයෙන් ඉවත්වීම හේතුවෙන් ඔහුට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රී ආසනයක් පිළියෙල කර තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *