කැලණි සරසවියේ ජවිපෙ-පෙරටු සිසුන් ගැටේ

කැලණි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර දෙකක සිටින සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් සිසුන් පස්දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළු වී ඇතැයි වාර්තා වේ.

මෙම ගැටුම වෙනස් දේශපාලන පක්ෂ මතවාද දරන සිසුන් අතර ඇති වූ එකක් යැයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දා එක් ශිෂ්‍යයෙකු නවක වධ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළේ ද කිසියම් පිරිසකගේ බලපෑම් මත යැයි ද කියයි.

ඉකුත් පළමු වන දා හටගත් මෙම ගැටුම ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ දෙකේ සිසුන් අතර ඇති වූ මතවාදී ගැටුමක ප්‍රතිඵලයක් යැයි ද වාර්තා වන අතර පෙරේදා සිට එනම් පළමු වන දා සිට තුන්වන දා දක්වා මෙම සිසුන් පස්දෙනා කන්නන්ගර නේවාසිකාගාරය තුළ රඳවා ගෙන ඇති අතර විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මැදිහත් වී සිසුන් මුදාගෙන ඔවුන්ට නිවෙස්වලට යන ලෙස උපදෙස් දුන්න ද ඔවුන් නිවෙස් වෙත නොගොස් 2 වන දා හෝමාගම මූලික රෝහලට නේවාසික ප්‍රතිකාර පතා ඇතුළත් වී ඇති අතර පස් දෙනෙකු ප්‍රතිකාර ලබාගෙන 3 වන දා පිටව ගොස් ඇතැයි හෝමාගම රෝහල් ආරංචි මාර්ග පවසයි.

පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *