මධුෂ්ගේ කුඩු අරන් ‘කොළඹ එන බස් රථය ගැන’ හෙළිවූ තොරතුරු

මාකඳුරේ මධුෂ්ගේ ඇනවුම්වලට බෝට්ටුවලින් දෙවුන්දර සහ මිරිස්සට රැගෙන එන හෙරොයින් තොග කොළඹට ආරක්ෂා සහිතව ප්‍රවාහනය කර ඇත්තේ සුඛෝපභෝගී මඟී බස් රථයකින් බව පොලිසිය පවසනවා.

පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ පාකිස්තානයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් මේවා ගෙන්වන බවයි.

පෑලියගොඩ පොලිස් අත්අඩංගුවට මසකට පෙරද කැවුමා හෙරොයින් කිලෝ 200 ක් පමණ කොළඹට ප්‍රවාහනය කර තිබුණේ මෙම බස් රථයකිනි.

රියැදුරු සහ රිය සහයක හැරුණු කොට එහි කිසිවෙකු ගමන් කරන්නේ නැති අතර මගීන් රහිත බස් රථයක් බව නොපෙනෙන්නට එහි වීදුරු පවා තිබෙන්නේ අඳුරු කර තිරරෙදි දමායි.

කැවුමා ගමන් කරන්නේ ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයකින් සිය සහෝදරයාගේ පුතා සමඟිනුයි.

මැති ඇමතිවරුන් ගමන් ගන්නා වාහන වල මෙන් එම ප්‍රාඩෝ රථයේ ඉදිරිපස වීදුරුවේ නිල් සහ රතු පැහැති දැල්වෙන විදුලි බල්බයන්ද සවිකර තිබී ඇති අතර බස් රථය ගමන් ගන්නෙ යැයි සඳහන් වන්නේ ප්‍රාඩෝ රථය පෙරටු කරගෙනයි.

ඒ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් පිරිසක්, නැති නම් ප්‍රභූන් පිරිසක් රැගත් බස් රථයකට ආරක්ෂාව ලබාදෙමින් රැගෙන යන ආකාරයටයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *